නැවත වරක් වැඩවර්ජනයක යෙදීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සූදානම් වනවා. පළමු පියවර ලෙස ලබන 16 වැනිදාත් විසි වැනිදාත් අතර දිනයකදී සංකේත එක්දින වැඩවර්ජනයක යෙදෙන බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ. ඉල්ලීම් ඉටුකරන බවට ලබාදුන් පොරොන්දු ආණ්ඩුව විසින් කඩකරනු ලැබීම සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ගෙනඑන බව කියන කෙටුම්පතට ඊට හේතුව බව එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවා.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉකුත් වසරේ ද මාස දෙකක පමණ කාලයක් අඛණ්ඩව වැඩවර්ජනයක නිරත වුණා. එය අවසන් කෙරුණේ ඔවුන්ගේ ඉල්ලීම් අදියර කිහිපයකින් ඉටුකිරීමට ආණ්ඩුව පොරොන්දුවීමෙන් පසුවයි. ඒ සඳහා කාලසටහනක්ද සකස් කෙරුණා.
0 comments:
Post a Comment