කොළඹට අළුත් මාර්ග පද්ධතියක්

Saturday, January 07, 2012

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා නව මාර්ග පද්ධතියක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී තිබෙනවා. එහි සභාපති ඩබ්ලිව්.ආර්. පේ‍්‍රමසිරි මහතා පැවසුවේ ශක්‍යතා අධ්‍යයනය කඩිනමින් ආරම්භ කරන බවයි. 
මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයට සතුන් ඇතුළුවීම වැළැක්වීම සඳහා විදුලි වැටක් ඉදිකිරීමට අවධානය යොමු වී තිබෙනවා. පළමුවෙන් තෝරා ගත් ප‍්‍රදේශයක නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි එම අධිවේගී මාර්ගයේ මෙහෙයුම් , නඩත්තු හා කළමනාකාරණ අධ්‍යක්ෂ පී.ඞී.කේ. බණ්ඩාර මහතා පැවසුවේ. ඉදිකෙරෙන විදුලි වැට වෙනුවෙන් විදුලිය සැපයීමට බැටරි යොදා ගැනීමට අදහස් කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
වරින් වර සුනඛයන් ඇතුළුවීම දක්ෂණ අධීවේගී මාර්ගයට පවතින ප‍්‍රධාන චෝදනාවක්. මීට දින කිහිපයකට පෙර එළු රංචුවක්ද එම මාර්ගයට ඇතුළු වුණා. එලෙස සතුන් ඇතුළු වීමෙන් මාර්ගයේ ගමනාගමනය අනතුරුදායක වන බවයි රියැදුරන් පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum