කුලියාපිටිය උඩුබද්දාව ධම්මානන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා. ඒ එම විද්‍යාලයේ නවය ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුට බරපතල ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. තුවාල ලැබූ ශිෂ්‍යයා ඉකුත් 5 වැනිදා සිට කුලියාපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි පැවසුවේ ඔහුගේ දකුණු කන් බෙරයට හානි වී ඇති අතර, අඛණ්ඩව ඉන් රුධිය වහනය වන බවයි. ඔහුගේ මවුපියන් දරිද්‍රතාවයෙන් පෙලෙන බවද සිද්ධිය වසන් කරන්නැයි විදුහල්පතිවරයා විසින් ඔවුන්ට රුපියල් දහසක් අල්ලසක් ලෙස ලබාදී ඇතැයිද THE TRUTH වෙත වාර්තා වුණා.
0 comments:
Post a Comment