ඉරානය තවත් යුරේනියම් බලගැන්වීමක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අන්තර්ජාතික පරමානුක බලශක්ති එ්ජන්සිය පවසන්නේ මධ්‍යම ප‍්‍රමාණයේ ව්‍යාපෘතියක් වන එය ඉරානයේ උතුරු ප‍්‍රදේශයේ භූගතව සිදු කෙරෙන බවයි. මෙලෙස යුරේනියම් බලගැන්වීම සිදු කෙරෙන්නේ සාමකාමී අපේක්ෂාවන් වෙනුවෙන් බව ඉරානය අවධාරණය කරනවා. එහෙත් අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් පවසන්නේ න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානය උත්සහ කරන බවයි.
බටහිර රටවල් සහ ඉරානය අතර මෙම පරස්පරතා කලක සිට පවතින්නක්. ඉරානයට බලපෑම් කිරීම සඳහා ආර්ථික සම්බාධක පැනවීමටද බටහිර රටවල් ඉකුත්දා තීරණය කළා. එහෙත් එවැනි සම්බාධකවලින් නොසැලෙන බවයි ඉරානය අවධාරණය කරන්නේ.
0 comments:
Post a Comment