රතුගල ආදිවාසී නායකයාට ප‍්‍රහාරයක්.

Thursday, January 12, 2012

රතුගල ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට ඊයේ රාති‍්‍රයේ ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සුදා වන්නිල ඇත්තන් පැවසුවේ තම නිවසට පැමිණි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු  අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදුන් බවයි. මේ සම්බන්ධයෙන් තමන් පොලිසීයටද පැමිණිලි කළ බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

THE TRUTH මේ පිළිබඳ පොලිස්  ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ එ් සම්බන්ධයෙන් ඉඟිනියාගල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් රතුගල ආදිවාසි නායක සුදා වන්නලඇත්තන් පවසන්නේ පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තද තවත් පිරිසකගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවයි. 


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum