ඉරානයෙන් ඉන්ධන ආනයනය නතර කිරීමට ජපානය සූදානම් වනවා. එරට විදේශ අමාත්‍ය ජුම් අසුමි පැවසුවේ පියවරෙන් පියවර ඉරානයෙන් ඉන්ධන ආනයනය නතර කිරීමට කි‍්‍රයා කරන බවයි. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ටිමොති ගීත්නර් සමග පැවැත් වූ සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණය ප‍්‍රකාශයට පත් කෙරුණා. ඉරානයේ න්‍යෂ්ටික බලගැන්වීමට එරෙහිව සම්බාධක පැනවීම සඳහා අමෙරිකාව ඇතුළු බටහිර රටවල් දරණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙසයි ජපානයද අදාළ තීරණයට එළැඹ ඇත්තේ. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ආසියාවේ සංචාරයක නිරත වෙමින් එ් සඳහා කලාපීය රටවල සහයෝගය ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් ඉරානයෙන් ඉන්ධන ආනයනය නතර කරන ලෙස අමෙරිකාව චීනයෙන් කෙරුණු ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂේප කෙරුණා.
0 comments:
Post a Comment