තලේබාන් මළසිරුරු මත මුත‍්‍රා කළ අමෙරිකානුවන් හඳුනා ගැනේ.

Friday, January 13, 2012

ඝාතනය කෙරුණු තලේබාන් සටන්කාමීන්ගේ සිරුරු මතට මුත‍්‍රා කළ බව කියන අමෙරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අන්තර්ජාලය මගින් ප‍්‍රසිද්ධ කර ඇති වීඩියෝ දර්ශනයක් මගින් ඔවුන් හඳුනා ගත් බවයි අමෙරිකානු හමුදා ප‍්‍රධානියෙකු බී.බී.සී. ලෝක සේවයට පවසා ඇත්තේ. හමුදා සාමාජිකයන් 4 දෙනෙකු තලේබාන් සටන්කාමීන්ගේ සිරුරු මතට මුත‍්‍රා කරන ආකාරය එම වීඩියෝ දර්ශනයෙන් නිරූපණය වනවා. එහි සිටින අනෙක් හමුදා සාමාජිකයන් දෙදෙනාද කඩිනමින් හඳුනා ගන්නා බවයි බී.බී.සී. ලෝක සේවයට කරුණු දැක් වූ අමෙරිකානු හමුදා ප‍්‍රධානියා ප‍්‍රකාශ කර ඇත්තේ. මේ වන විටත් හඳුනාගෙන සිටින හමුදා සාමාජිකයන් දෙදෙනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum