රෝහලකින් හෝ වෙනත් ස්ථානයකින් එක්ස් කිරණ ඡායාරූපයක් ලබා ගැනීමේදී ඊට යොදා ගැනෙන යන්ත‍්‍රය බලපත‍්‍ර සහිත එකක් දැයි විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. පරමාණුක ශක්ති අධිකාරිය පෙන්වා දෙන්නේ බලපත‍්‍ර නොමැති එක්ස් කිරණ යන්ත‍්‍රවලින් විවිධ අනතුරු සිදුවිය හැකි බවයි. එම අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ඊට හේතු දැක්වුවා.
කිසියම් එක්ස් කිරණ යන්ත‍්‍රයක් බලපත‍්‍ර සහිත එකක් දැයි හඳුනා ගන්නා ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.
එක්ස් කිරණ යන්ත‍්‍රයක් හෝ විකිරණ නිකුත් කරන වෙනත් යන්ත‍්‍රයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කිරීමේදී පරමාණුක ශක්ති අධිකාරියෙන් ඊට අවසර ලබාගත යුතුයි. පසුව වසර දෙකකට වරක් එම යන්ත‍්‍රයේ බලපත‍්‍රය අලූත් කළ යුතු වනවා. කෙසේ වෙතත් දැනට එලෙස බලපත‍්‍ර ලබාගෙන ඇත්තේ එක්ස් කිරණ යන්ත‍්‍ර හත්සියයකට ආසන්න ප‍්‍රමාණයක් සඳහා පමණක් බවයි ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.
0 comments:
Post a Comment