දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් එක්ක රඟපාන එක හැම නිලියකගෙම හිතේ තියෙන හීනයක්. ඒත් විද්‍යා බාලන් තමන්ට ලැබුණු ඒ සුපිරි අවස්ථාව ප‍්‍රතික්‍ෂෙප කරලා. රජිනි කාන්ත්ගේ අසනීප තත්ත්වය නිසා දවසින් දවස රූ ගතකිරීම් කල් දාපු රනා චිත‍්‍රපටයේ රඟපාන්න තමයි ඇය බෑ කියල තියෙන්නෙ. තමන්ව ගොඩක් අගය කරන රජිනි සර්ගේ ඉල්ලීම ඇයි විද්‍යා බාලන් මේ විදිහට ප‍්‍රතික්‍ෂෙප කළේ. විද්‍යා කියන විදියට රනා චිත‍්‍රපටයේ ඇයට ලැබුණු චරිතය ගැන ලොකු පැහැදීමක් නැහැලූ. පිටපත කියවද්දි ඒ චරිතයේ අපැහැදිලි තැන් ගොඩක් තියෙනවාලූ. මේ හේතු නිසා දැන් එහෙම තීරණයක් ගත්තත් පස්සෙ දවසක විද්‍යා බාලන් හිතයිද දන්නෑ අපරාදෙ මම එහෙම කළේ කියලා.
0 comments:
Post a Comment