කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වු කැරැල්ල මෙහෙය වු පුද්ගලයින් හඳුනා ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 100 දෙනකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. පොලිස් පරික්‍ෂණවලට අමතරව පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය ද පරික්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහිදී අවධානය යොමු කෙරෙන්නේ මෙම සිද්ධියට බන්ධනාගාර සේවයකයින්ගේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව හෙට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
0 comments:
Post a Comment