උගත් පාඩම් ලංකාව විතරක් දැනගත්තම ඇතිලු

Thursday, January 26, 2012

උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම වෙත යොමු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජය පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරීස් මහතා පැවසුවේ දෙසැම්බර් මාසයේ දි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. එම වාර්තාව දේශිය වශයෙන් පිලිගන්නා වාර්තාවක් පමණක් බව ඔහු කියා සිටියා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දුනිසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡවකින් අනතුරුවයි. ඉන්දුනිසියාව සහ ශ‍්‍රී ලංකාව අතර ගිවිසුම් දෙකක් ද මෙහිදි අත්සන් කෙරුණා. 2015 වන විට ඍජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩි කර ගැනීමට ද රජයේ අවධානය යොමුව ඇතැයි මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා මෙහිදි කියා සිටියා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum