කොත්තු රොටිය අලුත් කිරීමට.....

Monday, February 06, 2012

කොත්තු රොටී නිෂ්පාදකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට කොළඹ මහ නගර සභාව සූදානම් වනවා. එහි ප‍්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා පැවසුවේ කොත්තු රොටී නිෂ්පාදකයන් වෛi පරීක්ෂණවලට ද යොමු කරන බවයි. පාරිභෝගියන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සපයාදීම එහි අපේක්ෂාව බව ද ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර කොළඹ මහ නගර සභාවේ බල ප‍්‍රදේශයට අයත් ආහාර අලෙවිසැළවලට මෙම වසර සදහා වෙළද බලපත‍්‍රය ලබා ගැනීමට ලබා දී ඇති කාලය ලබන මස 31වනදායින් අවසන් වනවා. ඊට පෙර නියමිත කොන්දේසි සපුරා වෙළද බලපත‍්‍රය ලබාගන්නා ලෙසයි වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් මහතා අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum