දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියට පිස්තෝල උණ්ඩයක් ද රැගෙන ඇතුළු වීමට උත්සහ කළ කණ්ඩායමක් ඊයේ (ජන 05)සවස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා. එම කණ්ඩායමේ ප‍්‍රධානියා අනුරාධපුර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැළක් පවත්වාගන යන්නෙක්. දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ වෙළ`ද කුටියක් පවත්වාගෙන යාමට ද ඔහුට අවසර ලැබී තිබෙනවා. එම ප‍්‍රදර්ශන කුටිය වෙනුවෙන් භාණ්ඩ රැගෙන ගිය ලොරියක තිබී පිස්තෝල උණ්ඩය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ලොරියේ රියදුරා සහ තවත තුන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනුණා. ලොරිය ද පොලිස් භාරයට ගෙනතිබෙනවා. සොයා ගැනුණු පිස්තෝල උණ්ඩය මිලිමීටර් 09 ප‍්‍රමාණයේ එකක් බව විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
0 comments:
Post a Comment