අත්තනගල්ල, ගෝනගල ප්‍රදේශයේ හොල්මනක් ගැවසෙනවලු. එලෙස හොල්මන් කරන්නේ සුදු ඇදගත් යුවතියක් බවයි පැවසෙන්නේ. ඇය වාහනවලට අත දමා නතර කරන බවත් වාහන වලට නැග එකවරම අතුරුදන්වන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. මේ රාවය නිසා ප්‍රදේශවාසීන් බියපත්ව සිටින බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. සවස 06 න් පමණ පසු එම ප්‍රදේශය ජනශූූන්ය වන බවද THE TRUTH වාර්තාකරු පවසනවා.
අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති උපුල් මහේන්ද්‍ර මහතා ද ඒ සම්බන්ධයෙන් විමසා බලා තිබෙනවා. ඊයේ පැවැත්වු සාකච්ඡුාවක දී ඒ මහතා පොලිසියට උපදෙස් දී ඇත්තේ කිසියම් සැකකටයුතු දෙයක් සිදුවන්නේ දැයි වහාම සොයා බලන ලෙසයි. වීරගුල පොලිසිය ඒ අනුව විමර්ශන සිදුකරනවා.
0 comments:
Post a Comment