‘‘ විසිවන සියවසේ බුද්ධිමත්ව මිනිසා ’’ යැයි විරුදාවලිය ලත් ඇල්බට් අයින්ස්ටයින්ට අභියෝග කළ හැකි යැයි විශ්වාස කරන දැරියක් බි‍්‍රතාන්‍යයෙන් හමුවී තිබෙනවා. දැනට වයස අවුරුදු 04 ක් වන ඇය හෙයිඩි හැන්කින්ග්ස් නමැත්තියක්. ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජය පවසන්නේ ඇගේ අයි.කිව් අගය ඒකක 159 ක් බවයි. අයි.කිව් අගය යනු බුද්ධි මට්ටම මැන බලන ඒකකයක්. සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකුගේ නම් එම අගය සියයක් පමණවනවා. එහෙත් ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය 160 ක් වු බවයි ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජය පවසන්නේ. හෙයිඩි හැන්කින්ග්ස් ඊට වඩා පසුපසින් සිටින්නේ එක ඒකකයක් පමණයි. වයස අවුරුදු 01 දී පරිගණකයක් ක‍්‍රියාත්මක කිරීමට ඇයට හැකිවී තිබෙනවා. වයස අවුරුදු එකහමාරේදී ඇය චෙස් ක‍්‍රිඩා කළ බවයි ඇගේ පියා පවසන්නේ. වයස අවුරුදු 02 වන විට වයස අවුරුදු 08 ක දරුවෙකුට තරම් කියවීමේ හැකියාව ඇයට ලැබී තිබු බව බුද්ධි පරික්‍ෂණවලදී හෙලිව තිබෙනවා.
0 comments:
Post a Comment