ජන අරගල ව්‍යාපාරය පහුගිය දිනවල ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල ද කථාබහට ලක්වු පාර්ශවයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පසුව ප්‍රතිසංවිධාන කෙරුණේ ද ජන අරගල ව්‍යාපාරයයි. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් දේශපාලන මණ්ඩලය හා පේකම් මණ්ඩලයත් ඉකුත්දා තෝරා ගැණුනා. ඒත් නයකයෙක් නම් නෑ. ඊට හේතුව ජ්‍යේෂ්ඨයන් අතර ආරවුලක් බවයි THE TRUTH වෙත වාර්තා වුණේ. නායාකයා හෝ නායකනෙකු නොමැති නම් ප්‍රධාන ලේකම් හෝ තේරී පත්වනු ඇතැයි විශ්වස කළ ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා රට හැරයාමත් සමග එම අරවුල ඇති වී තිබෙනවා. තවත් ජ්‍යේෂ්ඨයෙකු වන සේනාධීර ගුණතිලක මහාතා විසින් දැනටමත් පක්ෂයේ බලය අල්ලා ඇතැයි සදහන්. ප්‍රධාන ලේකම් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ද ඒ මහතායි. පේ‍්‍රමකුමාර් ගුණරත්නම් මහතා ලේකම් මණ්ඩලයට හෝ ඇතුලත්ව නැහැ.
0 comments:
Post a Comment