ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ජලජීවියෙකු වන කොරල් අපනයනය කිරීමට කිසිසේත් අවසර ලබානොදෙන බවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහතික වනවා. එහි අධ්යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහතා පැවසුවේ ආරක්ෂිත ලෙස දක්වා නොමැති ජලජීවීන් පමණක් කෘතිම උපස්තරයක් මත වගාකර අපනයනය කිරීමට අවසර ලබාදෙන බවයි. NETH NEWS විසින් ඊයේ (අප්‍රේල් 23) කරන ලද ප්‍රශ්ණ කිරීමකදී නිමල් චන්ද්‍රරත්න මහහා ඒ බව පැවසුවා. ප්‍රශ්ණ කිරීම කෙරුණේ ඉකුත් වසරේ නොවැම්බර් මස 02 වනදා 1730/14 යන අංකය යටතේ නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් NETH NEWS ඉකුත් 04 වනදා කළ අනාවරණයක් පාදක කරගනිමින්.
0 comments:
Post a Comment