අක්කර විසිදහසක වන බිමක් අනතුරක.

Monday, April 23, 2012

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප‍්‍රදේශයක් දේශපාලන සහ මුදල් බලයෙන් පෞද්ගලික උරුමයට නතුකර ගැනෙන උත්සහයක් සම්බන්ධයෙන් THE TRUTH වෙත් තොරතුරු ලැබී තිබෙනවා. ඒ බව මුලින්ම අනාවරණ කළේ පෙරේදා (අප්‍රේල් 21) නෙත් නිවුස් විසින්. ඊට අනුව තර්ජනයට ලක්ව තිබෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන කුඹුක්කන් ඔයේ දකුණු ඉවුරේ දෙමෝදර සිට කොටියාගල දක්වා අක්කර 20,000 ක් පමණ වන වනාන්තර ප‍්‍රදේශයක්. වන අලීන් යාල ජාතික වනෝද්‍යානයේ සිට කුඹුක්කන වන රක්‍ෂිතයට සහ ලාහුගල, කිතුලාන ජාතික වනෝද්‍යානයට පිවිසෙන අලිමංකඩ වන්නේ ද එම වනාන්තර ප‍්‍රදේශයයි. එහි අක්කර 300 ක පමණ කොටසක් ප‍්‍රබල දේශපාලනඥයෙකු විසින් වෙන්කර ගෙන තිබෙනවා. ඒ වටා විදුලි වැටක් ද ඉදිකර තිබෙන බවයි නෙත් නිවුස්  විසින් අනාවරණ කෙරුණේ. තවත් අක්කර 200 ක පමණ කොටසක් ප‍්‍රාදේශිය දේශපාලනඥයෙකු විසින් විදුලි වැටක් ඉදිකර වෙන්කර ගෙන තිබෙන බව ද අනාවරණ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum