සිරියාවේ නොසන්සුන්තා සමනය කිරීමට සාම නියෝජිතයන් තවත් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ නොසන්සුන්තා කොතරම් උත්සන්නද යත් එය සමනය කිරීමට සාම නියෝජිිතයන් දහසක් වුවද ප‍්‍රමාණවත් නොවන බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට දැන් වසරකට වැඩි කාලයක් තිස්සේ සිරියානු වැසියන් අරගලවල නිරත වනවා. දෙපාර්ශවය අතර සටන් විරාම ගිවිසුමක්ද කරළියට පැමිණියා. සාම නියෝජිතයන් සිරියාවට පැමිණියේ එහි කොන්දේසි නිවැරදිව ක‍්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමටයි. එහෙත්, දිගින් දිගටම එම කොන්දේසි උල්ලංඝනය වන බව ඔවුන් පවසනවා.
0 comments:
Post a Comment