කුමාර් හා දිමුතු නැතිව පෙරටුගාමීන් කොයිබට ද ?

Monday, April 09, 2012

කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයාත්  දිමුතු ආටිගල මහත්මියත් අතුරුදන්ව දැන් දවස් දෙකක් ගතවෙලා. ඒ දෙදෙනා ජනඅරගයේ ප්‍රමුඛයන්.
මේ අතර ජනඅරගල ව්‍යපාරය අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ප්‍රතිසංවිධානය කෙරෙනවා..  එම පක්ෂයේ පළමු ජාතික සමුළුව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදීයි.කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් නායකත්ව තනතුරු සදහා තෝරාගැනීමට එහදී වැඩි ඉඩක් ඇතැයි ජනඅරගල ව්‍යාපාරයේ දේශපාලන අංශයේ ප‍්‍රධානී පුබුදු ජයගොඩ මහතා පවසනවා.
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් අතුරුදන් වූයේ ඉකුත් සෙනසුරාදායි. කිරිබත්ගොඩ නගරයේදී ඔවුන් පැහැර ගැනීමකට ලක් වුණා. එ් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත කෙරෙන චෝදනා සත්‍යයෙන් තොර බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා නැවත නැවතත් පවසන්නේ. අතුරුදන්ව සිටින කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල යන මහත්ම මහත්මීන් සෙවීම සඳහා විමර්ශන සිදු කරන බවද පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum