තෙල් ටැංකිය දැන්ම පුරව ගන්න

Monday, April 09, 2012

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික බවුසර් හිමියන් වර්ජනයකට පිවිස සිටිනවා. එම සංගමයේ සභාපති ඒ.එච්.එම්. අධිකාරී මහතා පැවසුවේ 
ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් අද සහ හෙට ඉවත් වන බවයි. දැනට ගෙවන ගාස්තුව සියයට 30 කින් ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වනවා.
මෙම වර්ජනය නිසා කිසිදු පිරවුම්හලක ඉන්ධන හිගයක් නම් ඇති නොවන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ.  සංස්ථාව සතු බවුසර් සියල්ල ඉන්ධන බෙදාහැරීමට යොදවන බව ද ප‍්‍රකාශ කෙරුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum