මියන්මාරයට පනවා තිබූ ඇතැම් සම්බාධක ලිහිල් කරන අමෙරිකාව නිළ වශයෙන් නිවේදනය කළා. එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැවසුවේ සංචාරක සහ මූල්‍ය සම්බාධක සමහරක් එලෙසද ලිහිල් කරන බවයි. ඒ අනුව මියන්මාර ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට අමෙරිකාවට පැමිණීමට අවස්ථාව උදාවන බවද හිලරි ක්ලින්ටන් පැවසුවා. අමෙරකාව අනුව යමින් මියන්මාරයට පනවා ඇති ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට යුරෝපා සංගමයද සූදානම් වන බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. වසර ගණනාවකට පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් අතුරු මැතිවරණයක් පැවැත්වීමට මියන්මාරය ඉකුත්දා පියවර ගැනීම ඊට හේතුවී තිබෙනවා. එම අතුරු මැතිවරණයෙන් වැඩි බලයක් හිමිකර ගත්තේ විපක්ෂ නායක අවුන්සාන් සුකීගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස`දහා ජාතික ලීගයයි. මැතිවරණය පැවැත්වූ ආසන 45 න් 40 ක්ම දිනාගැනීමට ඔවුන් සමත් වුණා.
0 comments:
Post a Comment