අනුරපුරේත් බ්ලු ෆිල්ම්

Wednesday, April 11, 2012

තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම රහසිගතව රූපගත කළ පුද්ගලයෙකු අනුරාධපුරයේදී අත්අංඩගුවට ගැනුනා. එම පුද්ගලයා එවැනි තාවකාලික ලැගුම්හලක සේවකයෙක්. රූගත කිරීම් සඳහා ඔහු යොදාගෙන ඇත්තේ ජංගම දුරකතනයක් බව විමර්ශනවලින් හෙළි වුණා. එම ජංගම දුරකතනයද පොලිස් භාරයට ගැනුනු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ.
මේ අතර තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් රහසිගතව රූගත කළ ජාවාරමක් අලූත්ගම ප‍්‍රදේශයෙන්ද ඉකුත්දා අනාවරණ කර ගැනුනා. එලෙස රූගත කෙරෙන දර්ශන සංයුක්ත තැටි ලෙස අලෙවි කෙරෙන බවයි වැඩිදුරටත් අනාවරණ කර ගැනුනේ. එම සංයුක්ත තැටි තොගයක් සහ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන ජංගම දුරකතන කිහිපයක්ද පොලිස් භාරයට ගැනුනා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum