එක රැයකදී මිනීමැරුම් 4 ක්

Monday, May 14, 2012


ප‍්‍රදේශ කිහිපයක ඊයේ (මැයි 14) රාත‍්‍රි සිදු වූ පහරදීම් හා වෙඩි තැබීම්වලින් පුද්ගලයන්   04 දෙනෙකු ඝාතනය කෙරුණා. පොලීසිය පවසන්නේ අලවතුගොඩ දුනුවිල ප‍්‍රදේශයේදී ගලකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කෙරුණු බවයි. එලෙස ඝාතනය කෙරුණේ වයස අවුරුදු 48 ක් පමණ වන පුද්ගලයෙකු බවද පෞද්ගලික අමනාපයක් නිසා පහරදීම සිදුවු බවද පොලීසිය පවසනවා. 
තවත් ඝාතනයක් සිදුවුයේ ආගරපතන පොලිස් වසමේ ලිදුල හෙන්ෆෝල්ඞ් වත්තේ අග‍්‍රා කොටසේදීයි. ඝාතනයට ලක්වු පුද්ගගලයා එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 37 ක් පමණ වන්නෙක්. තියුණු ආයුධයකින් පහරදීමෙන් ඊයේ රාත‍්‍රි 7 යි 30 ට  පමණ ඝාතනය සිදුව තිබෙනවා. 
කොටදෙණියාව දෙහිගහපල්ල ප‍්‍රදේශයේද තියුණු ආයුධයකින් පහරදීමෙන් ඊයේ රාත‍්‍රි පුද්ගලයෙකු ඝාතනය කෙරුණු බවයි පොලීසිය පවසන්නේ. එලෙස ඝාතනය කෙරුණු පුද්ගලයා එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 29 ක් පමණ වන්නෙක්.
මේ අතර ගලෙන්බි`දුණුවැව ඉහළගල්කුලමේ නිවසකදී ගිනි අවියකින් වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සිදුකර ඇත්තේ ඇගේ සැමියා විසින් බවයි පොලීසිය සැකකරන්නේ. අද උදෑසන ඔහු අත්අඩංගුවට ගත් බවත් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව ඝාතනයට යොදාගත් බව කියන ගිනි අවිය නිවස පිහිටි ඉඩමේ පේර ගහක් යට සගවා තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum