මෙක්සිකෝවේ උතුරු ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී හිස සුන් මළ සිරුරු 49 ක් හමුවී තිබෙනවා. ඒවායෙන් 43 ක් පිරිමි අයගේත් අනෙක් ඒවා ගැහැණු අයගේත් බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. ඒවා සියල්ලෙහි අත් කපා තිබු බවද ඒ නිසා හදුනාගැනීමට නොහැකි බව ද බි බි සී ලෝක සේවය පවසනවා. ඝාතනයන් සිදුකරනු ලැබුවේ සීටාස් නම් සටන්කාමීන් බවට වු දැන්වීමක් එම සෑම මළ සිරුරකම අමුණා තිබු බවයි මෙක්සිකෝ පොලීසිය පවසන්නේ.
සීටාස් යනු අමෙරිකාවට මත්කුඩු සපයන ජාවාරමේ ඒකාධිකාරය ලබා ගැනීමට දිගු කලක් තිස්සේ සටන්ව`දින කණ්ඩායමක්. එවැනි තවත් කණ්ඩායමක් සමග ගැටුමකදී උක්ත ඝාතන සිදුවු බවයි මෙක්සිකෝ පොලීසිය සැකකරන්නේ.
මේ අතර මෙම මාසය මුලදීද මෙක්සිකෝවේ මාර්ගයක් අසළ තිබී කොටස්වලට කපා දැමු මළ සිරුරු 23 ක් සොයා ගැනුණා. දැනට ඇති දත්තවලට අනුව, මත් ජාවාරමේ ඒකාධිකාරය ලබාගැනීමට මෙක්සිකෝවේ පවතින ගැටුම් නිසා 2006 වසරේ සිට මේ දක්වා එලෙස ඝාතනය කෙරුණු සංඛ්‍යාව 50,000 කට වැඩියි.
0 comments:
Post a Comment