එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළියට සහභාගී වීම සදහා යාපනයට ගොස් සිටියදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහජන විරෝධයකට මුහුණ දුන්නා. THE TRUTH වාර්තාකරු පවසන්නේ කිසියම් පිරිසක් කලූ කොඩි වනමින් විපක්ෂ නායකවරයාට විරෝධය පළ කළ බවයි. ඩෙල්ෆ් දූපතේ ඉකුත් දා සිදුවු ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රිවරියක වන විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් ඊට හේතු වුණා. කෙසේවෙතත් එම විරෝධතාව නවතාලමින් විපක්ෂ නායකවරයා බේරා ගත්තේ ද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. ඊට ත්‍යාගයක් ලෙස උතුරට හා නැගෙනහිරට දේශපාලන විසදුමක් සදහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වන්නැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායකවරයා පැවසුවා.
0 comments:
Post a Comment