හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස ගුණ සමරුව ලූත්කඬේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි ඊයේ (මැයි 1) පැවැත්වුණා. පැමිණ සිටි පිරිස පිලිගත්තේ සජිත් පේ‍්‍රමදාස මහතායි. ඒ මහතාගේ කථාවේ පළමු විනාඩි 54 තුළ දී කිසිඳු ස්ථානයක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් කුමන හෝ ප‍්‍රකාශයක් කෙරුණේ නැහැ. එසේවූයේ ගුණ සමරුවට සහභාගී වීම සදහා සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් ද බොහෝදෙනෙකු පැමිණ සිටියදීයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ද ප‍්‍රධාන අසුනක අසුන් ගෙන සිටියා. එබැවින්, සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ද කුමක් හෝ ප‍්‍රකාශ කරන ලෙසයි පැමිණ සිටි ක‍්‍රියාකාරිකයෙකු ශබ්ද නගා යෝජනා කළේ. සජිත් පේ‍්‍රමදාස මහතා සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අදහස් පළ කළෞ ඉන් අනතුරුවයි.
0 comments:
Post a Comment