අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් සමාව ගැනීමට සූදානම් නැතැයි කැළණිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රිවරුන් පවසනවා. එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා පැවසුවේ සමාව ගැනීමට තරම් වරදක් ඔවුන් කර නොමැති බවයි.
මෙතෙක් කළ දූෂණ සහ අක‍්‍රමිකතා ඇතුළු සියලූ වැරදි නිවැරදි කරගන්නේ නම් කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලූදෙනාට සමාව දීමට සූදානම් බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළා. ඒ, කිරිබත්ගොඩ සුහද වෙළද සංගමය විසින් සංවිධාන කෙරුණු වියළි ආහාර බෙදා දීමේ උත්සවයකට අද (මැයි 4) සහභාගී වෙමින්. ඊට ප‍්‍රතිචාර වශයෙන් චමිල දුමින්ද මහතා ඉහත අදහස් පළකළා.
0 comments:
Post a Comment