කාන්තාවක් කිසියම් පිරිසක් විසින් පැහැරගත්තේ යැයි කියන සිද්ධියක් නිසා කැළණිය වදුල්ලවත්ත ප්රදේශයේ ඊයේ (මැයි 28)රාත්රි නොසන්සුන්තාවක් ඇති වුණා. එම ප්රදේශවාසීන් පැවසුවේ පැහැරගැනීම පොලීසිය විසින් සිදුකළේ දැයි සැක සිතෙන බවයි. එසේ නොමැති නම් පැහැර ගැනුණු කාන්තාව සොයා ගැනීමට පොලීසිය යුහුසුළු විය යුතු බව ඔවුන් පැවසුවා. නොසන්සුන්තාව පාලනය කෙරුණේ පොලීසියේ මහත් පරිශ්රමයකින් පසුවයි.
මේ අතර පැහැර ගැනුණූු කාන්තාව මරදාන ප්රදේශයේ දමා ගොස් සිටියදී ඊයේ රාත්රියේම හමු වූ බව පොලිස් ප්රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. එම කාන්තාව මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙකු යැයි සැකකරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ. පැහැර ගැනීම සිදුකළේ කවරෙකු විසින් දැයි හ`දුනා නොගත් බවට ඇය පොලීසියට කටඋත්තරයක් දුන්නේ යැයිද ප්රකාශ කෙරුණා.
0 comments:
Post a Comment