ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම තුන්වන වරටත් දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තිබූ අපේක්ෂා ශාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් හමුවේ ඊයේ බො`දව ගියා. දෙපිළ අතර අවසන් මහා තරගය පැවැත්වුණේ චෙන්නායි හී එම්.ඒ. චිතම්බරම් ක්රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි ක්රීඩකයන් නියමිත පන්දුවාර 20 දී කඩුලූ 03 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා. සුරේෂ් රයිනා පන්දු 38 කදී ලකුණු 73 යි. මයික් හසී ලකුණු 54 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රිඩා කළ කොල්කටා ක්රීඩකයන් ජයග්රහණය තහවුරු කරගත්තේ කඩුලූ 05 ක් පමණක් දැවී තිබියදී ඉනිමේ අවසන් පන්දුවාරයේ 04 වන පන්දුවේදීයි. ජයග්රහණයේ නියමුවා වූ මන්විදර් බිස්ලා පන්දු 48 කදී ලකුණු 89 ක් ලබා ගත්තා. ජැක්කාලීස් ලකුණු 69 යි. මන්විදර් බිස්ලා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කොල්කටා කණ්ඩායමේම සුනිල් නරේන්.
0 comments:
Post a Comment