මරු පොල්ල

Wednesday, May 23, 2012

අගනුවර ප‍්‍රධාන හෝටල්වල නවාතැන් ගෙන බිල්පත් නොගෙවා පලා ගොස් පොලිසිය මග හරිමින් සිටි එකම පවුලේ සිව් දෙනකු ඊයේ (මැයි 22) අත්අඩංගුවට ගැනුණා.     ඒ, හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදියි.              මව, පියා සහ ඔවුන්ගේ දරු දෙදනා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් මීට මාස 06 කට පමණ පෙර හොරණ රජයේ තානායමේ නවාතැන් ගැනීම සඳහා පැමිණ තිබෙනවා. ඊයේ පෙරවරුව දක්වා ඔවුන් එම තානායමේ නැවති සිට ඇති බවයි පොලීසිය පැවසුවේ. එම කාලය සඳහා ඔවුන් එම තානායමට ගෙවිය යුතු මුදල රුපියල් හයලක්‍ෂ 18,000 කට ආසන්නයි. එම මුදල නොගෙවා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගැනුණා. මොවුන් මීට පෙර ද කොළඹ නගරයේ හෝටල්වල නවාතැන් ගෙන බිල්පත් නොගෙවා පලා ගොස් ඇති බවයි මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum