රටම ජය සමරද්දි පිරිසක් දුක් වෙති

Friday, May 18, 2012


එල්.ටී.ටී.ඊ යුධමය වශයෙන් පරාජය කිරීමේ තුන්වැනි වර්ෂ පූර්ණය සැමරීමට රටම සුදානම් වෙද්දි යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ගැටුම්වලින් මිය ගිය උතුරේ සහ නැගෙනහිර පිරිස් සමරමින් අද ඉටිපන්දම් දැල්වුවා. එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයෙකු පැවසුවේ ආපන ශාලාවට ඉහළ මහලයේ එලෙස ඉටිපන්දම් දැල්වු බවයි. 
මේ අතර දශක කිහිපයක් පැවති යුධ ගැටුම්වලදි මිය ගිය උතුරේ සහ නැගෙනහිර වැසියන් සිහි කිරීමට වව්නියාවේ නගර ශාලාවේ දී අද උත්සවයක් පැවැත්වුණා. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරන් කිහිපදෙනෙකු ද ඊට සහභාගී වූ බවයි වාර්තාකරු පවසන්නේ. කදුලින් තෙත් වූ ඇසක් සහිත රූපයක් ඉදිරිපිට ඔවුන් ඉටිපන්දම් දැල්වූ බවයි.
ගැටුම්වලින් මිය ගිය පිරිස් සිහි කිරීමට අද දිනයම තෝරා ගැනුණේ මීට වසර 03 කට පෙර අද වන් දිනක දී මුලතිව් ප‍්‍රදේශයේදී පුද්ගලයින් 40,000 ක් පමණ මිය ගිය බවට විශ්වාස කරන නිසා යැයිද ප‍්‍රකාශ කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum