බොලිවුඞ් රංගන ශිල්පි ශාරුක් ඛාන්ට මුම්බායි හී වන්කඬේ ක්රීඩාංගණයට පැමිණිම වසර 05 කට තහනම් කර තිබෙනවා. එම තහනම පනවා ඇත්තේ මුම්බායි ක්රිකට් සම්මේලනය විසින්. වන්කඬේ ක්රීඩාංගණයේදී ඉකුත් දා පැවති ක්රිකට් තරගයක් අතරවායේ එම ක්රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට පහර දීම ශාරුක් ඛාන්ට එරෙහි චෝදනාව වනවා. තරගය පැවැත්වුණේ ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි. කෙසේ වෙතත් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් අනුමත කරන තෙක් පනවා ඇති තහනම අවසානාත්මක නොවන බව ඉන්දිය ප්රිමියර් ලීග් තරගාවලියේ සභාපති රජිව් ශුක්ලා පවසනවා. ඊට ප්රතිචාර දක්වමින් මුම්බායි ක්රිකට් සම්මේලනය පවසන්නේ තහනම පැනවුයේ එම සම්මේලනයේ ඒකමතික තීරණයක් අනුව බවයි. ඉන්දිය ක්රිකට් පාලක මණ්ඩලයට ඒ බව දැනුම් දුන්නේ යැයි ද ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි ද ප්රකාශ කෙරුණා.
0 comments:
Post a Comment