මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි තුෂාර පෙරේරා මහතා ඊයේ (මැයි 22) සැකපිට අත්අඩංගුවට ගැනුණා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්. මීට වසරකට පමණ ඉහතදී පුත්තලම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටි බවයි පොලීසිය පැවසුවේ. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණා.
0 comments:
Post a Comment