කොටු පැනිල්ලක් ?

Monday, May 28, 2012


උඩුගම හේවිසිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පූජ්‍ය නවගමුවේ සුමනසාර හිමියන් ඊයේ (මැයි 27)රාත‍්‍රි පහරදීමකට ලක්ව තිබෙනවා. දැනට උඩුගම රෝහලේ නේවාසිකව සිටින උන්වහන්සේ පොලීසියට ප‍්‍රකාශ කර ඇත්තේ ආරණ්‍ය සේනාසනයේදී දායක සභාවේ සාකච්ඡාවක් අවස්ථාවේදී පහරදීම සිදුවූ බවයි. ඊට සැකපිට දායක සභාවේම 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ඔවුන් පවසා ඇත්තේ පහරදීමක් සිදුනොවූ බවත් බහින්බස්වීමක් පමණක් සිදු වූ බවයි. සාකච්ඡාව සිදුකෙරුණේ පහරදීමට ලක්වූ බව කියන හිමිනම විසින් ආරණ්‍ය සේනාසනයේ නතර කරවාගෙන සිටින කාන්තාවක් සම්බන්ධයෙන් බවද ප‍්‍රකාශ කෙරුණා. එම කාන්තාවට සියලූ අවශ්‍යතා සපුරන්නේද උන්වහන්සේ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 
මේ අතර උන්වහන්සේට තුවාල සිදුව නැතැයිද එහෙත්, උන්වහන්සේගේ දැඩි ඉල්ලීම නිසා වැඩිදුර ප‍්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවන බවද උඩුගම රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum