හොරෙන් රට පනින තැත ලත් තැනම ලොප්

Monday, May 28, 2012

පුද්ගලයන් නීති විරෝධී ලෙස බෝට්ටු මගින් වෙනත් රටවලට රැුගෙන යාමේ තවත් මිනිස් ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. එම ජාවාරමේ නියෝජිතයන් 06 දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. ඔවුන් විසින් වෙනත් රටවලට රැුගෙන යාමට සූදානම් කර සිටි පුද්ගලයන් 113 දෙනෙකුද ගෝල්ෆේස් සහ මීගමුව යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණා. ඒ, ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම ස`දහා බෝට්ටුවලට නැගීමට ලොරියකින් සහ වෑන් රථ 07 කින් ගමන් කරමින් සිටියදීයි. එම ලොරිය සහ වෑන් රථ හත ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ජාවාරමේ මහා මොළකරු හලාවත පදිංචි පුද්ගලයෙක්. වෙනත් රටකට යැවීම ස`දහා එක් අයෙකුගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 02 ක් පමණ වනවා. එලෙස ජාවාරම්කරුවන් විසින් ලබාගෙන ඇති මුඵ මුදල රුපියල් ලක්ෂ 316 ක්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum