නුවරඑළිය මාගස්තොටවත්ත අංක 10 ලයිමේදී දෙපාර්ශවයක් අතර ඊයේ (ජුනි 03) රාත්රි ඇති වූ ගැටුමකින් පිරිමි අයෙකු සහ කාන්තාවක් මියගියා. වයස අවුරුදු 50 ක් වන සම්මුගම් ක්රිෂ්ණ මියගිය පිරිමි අයයි. වයස අවුරුදු 25 ක් වන ඤානසුන්දරී මියගිය කාන්තාව වනවා. සැකකරුවන් ප්රදේශයෙන් පලා ගිය බවයි සැකකරන්නේ. නුවරඑළිය පොලීසිය විමර්ශන සිදුකරනවා.
මේ අතර හපුතලේ නිකපොත ප්රදේශයේ ඊයේ රාත්රි සිදුවු පහරදීමකින් පුද්ගලයෙකු මියගියා. පහරදීම සිදුකර ඇත්තේ කැත්තකින් බවයි සැකකෙරෙන්නේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 37 ක් පමණ වන තුන් දරු පියෙක්. ඔහුගේ සිරුර කොස්ලන්ද රෝහලේ තැන්පත් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් අවසන් කර නැහැ. සැකකරුවෙකු ඊයේ රාත්රියේම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවු බවයි ඔහුගෙන් කළ ප්රශ්න කිරීමකදී හෙළිවුණේ.
0 comments:
Post a Comment