පොලිස් නිලධාරීන් නිල ඇඳුමෙහි පැළඳ සිටි ඔවුන්ගේ නම සහිත රත්‍රං පැහැති ලාංඡනය වහාම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එම ලාංඡනයේ පොලිස් නිලධාරින්ගේ නම සඳහන් වූයේ ඉංගී්රසි භාෂාවෙන් පමණයි. ඒ නිසා නීතිය උල්ලංගණය වන බව රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවා.
කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා පැවසුවේ පොලිස් නිලධාරින් නිල ඇඳුමෙහි පැළඳ සිටි නම සහිත ලාංඡුනය ඉවත් කිරීමට තීරණය කළේ භාෂා ගැටලූවක් නිසා නොවන බවයි. එවැනි ලාංඡනයක් පළඳින්නැයි කිසිදු නියමයක් නොමැති බවද පොලිස් නිලධාරින් ඔවුන්ගේ අභිමතය අනුව පමණක් එම ලාංඡුනය පැළඳි බවද ප්‍රකාශ කෙරුණා. එසේ වුවත් එම ලාංඡනය පොලිස් නිලධාරීන්ට ලබා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුව විසින්. ඒ සඳහා සිය වැටුපෙන් රුපියල් 150ක් අඩුකර ගත් බව ඇතැම් නිලධාරීන් පවසනවා.
0 comments:
Post a Comment