ඇද උඩ වැඩ පෙන්වූ හාමුදුරුවෝ

Saturday, June 02, 2012

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන සංඝනායක තේම්ස් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය පහළගම සෝමරතන හිමියන්ට එරට අධිකරණයකින් වසර 7ක සිරදඬුවමක් නියම කෙරුණා.  ළමයින් සම්බන්ධයෙන් කිසිදු කටයුත්තකට සහභාගි විය නොහැකි පරිදි උන්වහන්සේගේ නම අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු බවයි කලම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසන්නේ. බාලවයස්කාර දැරියන්ට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි උන්වහන්සේ චෝදනා කිහිපයකට ලක්ව සිටියා. 1977 වසරේ ජනවාරි මස පළමුවැනිදාත් , 1978 වසරේ දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේදී වයස අවුරුදු 16ට අඩු දැරියකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි නගා තිබූ ඒවායින් එක් චෝදනාවකට උන්වහන්සේ වරදකරු බවයි අධිකරණය ඊයේ තීරණය කළේ. උක්ත දඬුවම් නියම කෙරුණේ එ් අනුව බව කලම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. කෙසේ වෙතත් 1977 වසරේ ජනවාරි මස පළමුවැනිදාත් , 1978 වසරේ දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේදී වයස අවුරුදු 16ට අඩු තවත් දැරියක් ¥ෂණය කළේ යැයිද 1985 වසරේදී ජනවාරි මස පළමුවැනිදා සිට , 1986 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේදි වයස අවුරුදු 14කට අඩු දැරියකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි නගා තිබූ චෝදනාවලින් උන්වහන්සේ නිදහස් කෙරුණා. විමර්ශන සඳහා උන්වහන්සේ අත්අඩංගුවට ගැනුනේ 2010 වසරේ මැයි මාසයේදීයි. 2011 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා උන්වහන්සේට නඩු පවරනු ලැබුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum