විදුහල්පතිගේ අඩු කැඩූ සිසු කල්ලිය

Saturday, June 02, 2012

විදුහල්පතිවරයෙකුට පහරදුන් බවට චෝදනා ලැබූ වවුනියාවේ පාසල් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහල බව පොලීසිය පවසනවා. නඩු විභාගය සඳහා ඔවුන් ලබන 15 වැනිදා යළි අධිකරණයට කැඳවන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගිය සිසුවෙකුට හා සිසුවියකට විදුහල්පතිවරයා කළ අවවාදයක් පහරදීමට හේතුවී තිබෙනවා. පහරදීම සිදු කළ බව කියන සිසුන්ගෙන් වැඩිදෙනෙකු එම විදුහල්පතිවරයාගේ පාසලේ නොව වෙනත් පාසලක ඉගෙනුම ලබන්නන් බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වුණේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum