දියණියන් දෙදෙනාද සමග වීරකැටිය මීගස්ආර ඇලේ දිය නෑමට ගිය කාන්තාවක් පිහි ඇනුමකට ලක්ව මියගියා. ඊයේ (ජුනි 24) සවස හයට පමණ එම පිහි ඇනුම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගිය කාන්තාවගේ වයස අවුරුදු 33 ක්. නිරෝෂා මල්කාන්ති වන ඇය මැදමුලන මැදගම අතුහේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි බව විමර්ශනවලදී හෙළි කර ගැනුණා. පිහි ඇනුම සිදුකර ඇත්තේ ඇගේ සැමියා බවයි සැකකෙරෙන්නේ. එහෙත්, මේ දක්වා ඔහු අත්අඩංගුවට ගෙන නැහැ.
0 comments:
Post a Comment