skip to main |
skip to sidebar
ටෙන්ඩුල්කාගේ අලුත් පාර
ඉන්දියාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන සචින් ටෙන්ඩුල්කාර් එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස අද (ජුනි 04) දිවුරුම් දුන්නා. රාජ්‍ය සභාවේ සභාපති හමීඞ් අන්සාරී ඉදිරියේ ටෙන්ඩුල්කාර් එලෙස දිවුරුම් දුන් බව එන්.ඞී.ටී.වී ප්රවෘත්ති සේවය පවසනවා. පසුව ටෙන්ඩුල්කාර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉකුත් වසර විසි දෙකේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ දේ ලබාගත් බවයි. ඊට පෙරලා යමක් ලබාදීමට අවශ්‍යතාවයෙන් සිටින බවද මන්ත්‍රිවරයෙකු ලෙස නම් කරනු ලැබීම නිසා සෙසු ක්රීඩාවලටද උදවු කිරීමට හැකි වන බවද ටෙන්ඩුල්කාර් ප්‍රකාශ කළා.
ටෙන්ඩුල්කාර් පාර්ලිමේන්තුවේ මන්ත්‍රවරයෙකු ලෙස නම් කරනු ලැබුවේ ජනාධිපති ප්‍රතිභා පටෙල් විසින්. බොලිවුඞ් රංගන ශිල්පිණියක වන රේඛාද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස නම් කෙරුණා.
0 comments:
Post a Comment