නයිජිරියාවේ ගුවන් අනතුරක්

Monday, June 04, 2012


ගුවන් යානයක් ගොඩනැගිල්ලක ගැටීමෙන් නයිජීරියාවේ ජනාකීර්ණ ප‍්‍රදේශයකදී ඊයේ (ජුනි 03) 
අනතුරක් සිදුවුණා. එම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 150 දෙනෙකු සිටි බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. ඔවුන් සියලූදෙනා මියගොස් ඇතැයි නයිජීරියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කළා. භූමියේ සිටි ඇතැම් අයද අනතුරෙන් මියගිය බවයි සැකකරන්නේ. එහෙත්, එලෙස මියගිය පිරිස කී දෙනෙක්දැයි තහවුරු කර නැහැ. දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කරන බවයි ජනාධිපති ජොනතන් ගුඞ්ලක් ප‍්‍රකාශ කළේ. 
මේ අතර අනතුරට ලක්වූ ගුවන් යානය පෞද්ගලික සමාගමකට අයත් එකක්. නයිජීරියාවේ අගනගරය වන අබූජාහී සිට ලාගෝස් දක්වා එය පියාසර කරමින් තිබුණා. ඉරිදා දිනයක් බැවින්, ගුවන් යානයේ ගැටුනු ගොඩනැගිල්ලේ රැදී සිට ඇත්තේ වෙනදාට වඩා අඩු පිරිසක්. ඒ නිසා, භූමියේදී මියගිය හා තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව එසේ විය හැකිව තිබූ සංඛ්‍යාවට වඩා සෑහෙන අඩු බව විශ්වාස කෙරෙනවා. අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum