මිහිදු මාහිමියන් විසින් දේශනා කරන ලද සම්බුද්ධ භාෂිතයේ ඇතුළත් උපදේශ රාජ්‍ය පාලනයටද යොදා ගැනීම අවශ්‍ය වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. සැමට සුවසේ ජීවත් විය හැකි දැහැමි සමාජයක් නිර්මාණ කිරීමට එම උපදේශ ඉවහල් වන බවයි පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ. දැහැමි සමාජයකදී මහජන ආරක්ෂාව සහතික වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතා පෙන්වා දෙන්නේ අන්‍ය ජාතීන් හා ආගම් වෙත ගෞරව පූර්වක වීමටද සම්බුද්ධ භාෂිතයෙන් උපදෙස් දෙන බවයි. ඒ බවද සිහියේ තබාගෙන සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සියලූ උත්සාහයන්හී යෙදෙන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පොසොන් දින පණිවිඩයේ දැක්වෙනවා.
0 comments:
Post a Comment