දේශපාලන බලවතෙක් දැරියක් බිළිගනී

Wednesday, July 04, 2012

බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි සැකපිට අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා මාතර ළමා කාන්තා කාර්යංශය විසින් අද (ජුලි 04) අලූයම අත්අඩංගුවට ගැනුනා. ඔහුගේ වයස අවුරුදු 48ක්. දූෂණයට ලක් වූ බව කියන දැරිය 14 වැනි වියේ පසුවනවා. පොලීසියට ලැබුණු පැමිණිල්ලට අනුව ඇය දූෂණයට ලක්ව ඇත්තේ අකුරැුස්ස නගරයේ තාවකාලික ලැගුම්හලකදී ඉකුත් මස 23 වැනිදාත් 30 වැනිදාත් අතර කාලයේදීයි.  ඊට සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum