උතුරු මැද මහ ඇමති ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවරද තරග වදින්නේ තමාම බව හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පවසනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් තමන්ට අභියෝගයක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
කෙසේවෙතත් උතුරු මැද මහ ඇමති ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා නම් කෙරෙනු ඇතැයි ඇතැම් වාර්තා පළ වනවා. හිටපු මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉහත අදහස් දැක්වුයේ THE TRUTH ඒ පිළිබද කළ විමසීමකදීයි.
THE TRUTH මේ පිළිබද අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන්ද විමසීමක් කළා. අමාත්‍යවරයා පැවසුවේ උතුරු මැද ධුරයට තරග කරන්නේ මහා සංඝ රත්නයෙන්, ප‍්‍රදේශවාසීන්ගෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගෙන් ද ඉල්ලීම් ලැබුණු බවයි. එම ඉල්ලීම් සළකා බලා දින තුනක් ඇතුළත් ප‍්‍රතිචාරය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසුවා.
0 comments:
Post a Comment