හදුන්ගමුව වෙහෙරගලගම රජමහා විහාරය ආසන්න ප‍්‍රදේශයකින් පැරණි කඩු 05 ක් හමු වී තිබෙනවා. ඒ එම ප‍්‍රදේශවාසීයෙකු ළිදක් කපමින් සිටියදීයි. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒවා සම්බන්ධයෙන් හැදෑරීමක් කළ බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. ඒවා අනුරාධපුරය යුගයට අයත් යැයි එහිදී සාක්ෂි ලැබුණු බවයි සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
මෙම ස්ථානය කාශ්‍යප සහ මුගලන් යන රජවරුන් අතර යුද්ධය ඇති වූ ස්ථානයදැයි සැක සිතීමටද සාක්ෂි ඇතැයි ප‍්‍රකාශ කෙරුණා.
0 comments:
Post a Comment