දැනට සිදු කෙරෙන විමර්ශනවලින් ප්‍රමාණවත් සාක්ෂි හෙලිවුන හොත් මිස අමාත්‍ය රිෂාඞ් බදියූදීන් මහතා අත්අඩංගුවට නොගන්නා බව පොලිසිය පවසනවා. තාක්ෂණික කරුණු ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පොලිස්පතිවරයා විසින් එම විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබුවා.
මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියූදින් මහතා චෝදනාවට ලක්ව සිටින්නේ මන්නාරම මහේස්ත්රාත්වරයාට තර්ජනය කර ඔහු විසින් ලබා දුන් නියෝගයක් වෙනස් කරන්නැයි තර්ජනය කළ බවටයි. ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇති නිසා වෙනත් විමර්ශන නොමැතිව වුවද අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබෙන බව තරුණ නීතිඥයින්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා.
0 comments:
Post a Comment