ළමයින් අපයෝජනයට ලක්වීම බහුලවීමට මව්වරුන්ගේ බීමත්කම ද හේතුවක් වී ඇතැයි සමික්ෂණයකින් හෙලිව තිබෙනවා. මව්පියන් දැනුවත් කිරීමට පලාගල අධ්‍යාපන කොට්ඨාශයේ, ආඬියාගල නවෝද්‍යා විද්‍යාලයේ ඊයේ (ජුලි 20) පැවැත්වු වැඩමුළුවක දීයි ඒ බව ප්‍රකාශ කෙරුණේ. උතුරුමැද පරිවාස හා ළමා රක්ෂක කොමසාරිස් විශාඛා ජයවර්ධන මහත්මිය පැවසුවේ මව්පියන් වැඩි දෙනකු ළමයින් ගැන සැලකිලිමත් වන්නේ ඔවුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින තෙක් පමණක් බවයි. එයින් පසු ළමයින් හුදෙකලා වන බවයි විශාඛා ජයවර්ධන මහත්මිය පෙන්වා දුන්නේ.
0 comments:
Post a Comment