පොලීසිය හා සන්නද්ධ පිරිසක් මිද්දෙණියේ දී ගැටෙති.

Saturday, December 24, 2011

මිද්දෙණිය ජූලම්පිටිය ප‍්‍රදේශයේදී පොලීසිය සහ තවත් සන්නද්ධ පිරිසක් අතර අද අලූයම සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි. 
සන්නද්ධ පිරිසක් සැරිසරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ජූලම්පිටිය ප‍්‍රදේශයට ගොස් තිබෙනවා. ඔවුන් විසින් සෝදිසි මෙහෙයුමක් සිදු කෙරෙමින් සිටියදී වෙඩි හුවමාරුව සිදුව තිබෙන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum